දේශීය

දිස්ත්‍රික්ක 4 කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 4කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 2.30 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙම අවදානම බලපැවැත්වෙනු ඇති.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි පැය 36 සඳහා ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක හෙට (24) පස්වරු 2,00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

Related posts

පිරමීඩයක් පවත්වාගෙන ගිය, හත් දෙනෙක් බන්ධනාගාර ගත කරයි

Editor O

අද පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් ඇති බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment