Trending Newsඑසැන පුවත්දේශීය

පිරමීඩයක් පවත්වාගෙන ගිය, හත් දෙනෙක් බන්ධනාගාර ගත කරයි

පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යෑම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙනිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

மரண தண்டனைக்கு இடைக்கால தடை உத்தரவை பிறப்பிக்குமாறு கோரி மனு

Mohamed Dilsad

Imported milk powder prices increased

Mohamed Dilsad

President resolves Keppapulavu land issue

Mohamed Dilsad

Leave a Comment