Trending Newsඑසැන පුවත්දේශීය

සෙව්වන්දි ඉන්දියාවට පළාගිය බෝට්ටුව හමුවෙයි

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පළාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පළායෑමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී තිබේ.

Related posts

Supreme Court grants leave to precede defamation case against Ranjan

Mohamed Dilsad

Catalonia leaders jailed for sedition by Spanish court

Mohamed Dilsad

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

Editor O

Leave a Comment