දේශීය

හමුදා සාමාජිකයින්ට පොදු සමාකාලයක්

(UTV | කොළඹ) – ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමාකාලයක් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා එම පොදු සමාකාලයක් ක්‍රියාත්මකය.

මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

Editor O

පාකිස්තානයෙන් සැමවිටම ශ්‍රී ලංකාවට සහාය – මහ කොමසාරිස්

Mohamed Dilsad

Leave a Comment