දේශීය

මාතෘ භූමියට නායකත්වය දීමට සූදානම් – සජිත්

(UTV | කොළඹ) – ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස විනාශ දේශය යළි ගොඩනැගීමට නායකත්වය ලබාදීම සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත්කරන අතර මෙය හැරෙන්නට වෙනත් විකල්ප නොමැති බවයි ඔහු සඳහන් කළේ.

මෙයට විරුද්ධ වන පාර්ලිමේන්තුව තුළ සිටින කිසියම් පුද්ගලයෙකු කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්නේ නම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකන බවත් මාතෘ භූමිය රැක ගන්න සහ මාතෘ භූමියට නායකත්වය දීමට අප සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නව ආසාදිතයින් 137ක් වාර්තා වේ

Mohamed Dilsad

“පිටි මිල අඩු වුණාට පාන්-බනිස් මිල වෙනසක් නැහැ”

Mohamed Dilsad

මිනිසුන්ට එළවළු එපා වෙයි | මිල බහින්න පටන් ගනී

Mohamed Dilsad

Leave a Comment