දේශීය

“මට තිබුණ එක ම ගේ”: නිවසට ගිනි තැබීම ගැන රනිල් කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – ජූලි 9 වන දා සිය නිවසට එල්ල වූ ප්‍රහාරය සහ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

අරගලයට ගොස් පිටත්ව යන පිරිස් තම නිවස අසලින් ගමන් කරන බව ත් ඔවුන් එහි විරෝධතාවයේ නිරත විය හැකි බවට ත් එදින සවස පොලිසිය තමන් වෙත දැනුවත් කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ හේතුවෙන් තමන්ට නිවසින් පිටත්ව යන ලෙස ඔවුන් දැනුවත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම ඉල්ලීම ද සලකා බලා තමන් සහ බිරිඳ නිවසින් පිටත් වූ බව ඔහු පැවසීය.

අගමැතිවරයා සඳහන් කළේ, ඉන් අනතුරුව නිවසට ගිනි තැබීම සිදුවී ඇති බව ය.

තමන් අගමැති ධූරය භාර ගත්තේ රටේ ආර්ථිකය කඩා වැටුණු නිසා බව ද ඔහු පැවසීය.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ;

Related posts

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

Mohamed Dilsad

අලියාගෙන් දුරකථනයට ඇමතුමක්. දුරකථනයේ කොන්දේසිවලට අලියා කැමැති නැහැලු. සම්බන්ධතාව විසන්ඳිවෙයි ද ?

Editor O

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment