Trending Newsඑසැන පුවත්දේශීය

අලියාගෙන් දුරකථනයට ඇමතුමක්. දුරකථනයේ කොන්දේසිවලට අලියා කැමැති නැහැලු. සම්බන්ධතාව විසන්ඳිවෙයි ද ?

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර, පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යෑමට අසීරු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට, එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් නම් කර තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වය අතර, සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. සාකච්ඡාවලදී සජබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ කළ සමගි ජන බලවේගයේ ලකුණ වන දුරකථනයෙන් ඉදිරි මැතිවරණවලට තරඟ කළ යුතු බවට වූ කොන්දේසියට, එජාප කණ්ඩායමෙන් ලැබී ඇති ප්‍රතිචාරය යහපත් නැත. හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සජබ පාර්ශ්වයෙන් සිදු කෙරුණු ඉල්ලීම ද සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා බලවත් බාධකයක් වී ඇති බව සඳහන්.

ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්දවලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් හිටපු ජනාධිපතිවරයා නැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින්වත් එකඟ වීමට නොහැකි යැයි, එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ සඳහන් කර ඇත. වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ගොඩ ගනිමින් පරිණත දේශපාලන නායකත්වයක් පෙන්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ඉදිරි දේශපාලන කටයුතුවලදී අනිවාර්යයෙන්ම යොදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සජබ පාර්ශ්වයට සෘජුවම දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමිය යුතු බව වන අතර එම යෝජනාවටද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ බලවත් අකමැත්ත ප්‍රකාශකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එකී කාරණා හමුවේ සජබය සහ එජාපය ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙනයන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන්.

නායකත්වය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මේ වන විට පැන නොනැගී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොර නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම කිසිදු ප්‍රයෝජනයක් නැති කටයුත්තක් බවද,
 එජාප පිරිසගේ මතය වී තිබේ.

Related posts

Sri Lanka Under 19 Squads named

Mohamed Dilsad

වරාය නගරයේ වෙරළ තීරය ලබන වසරේ දී විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්වයක් ගත්තේ මම නෙවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වී. රාධාක්‍රිෂ්ණන්

Editor O

Leave a Comment