දේශීය

වරාය නගරයේ වෙරළ තීරය ලබන වසරේ දී විවෘත වෙයි [PHOTOS]

(UTV | කොළඹ) –  කොළඹ වරාය නගරයේ වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම (Port City Colombo pvt/ Ltd) සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය, ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කරයි.

කිලෝමීටර් 2 ක් දිගින් යුත් කොළඹ වරාය නගරයේ නව වෙරළ තීරය මේ වන විට සකස් කෙරෙමින් පවතියි.

වෙරළ ක්‍රීඩා අංගණයක් වෙරළ උද්‍යානය, ළමා උද්‍යාන, කුඩා ආපන ශාලා, බෝට්ටු ප්‍රවාහන සේවා වලට අදාළ අංගන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි.

මුහුදු මට්ටමේ සිට මීටර් 4 1/2 ක උසකින් යුක්තව සහ කිලෝමීටර් 3.2 ක දිගකින් යුත් දියකඩනය ඉදිකිරීමේ කටයුතු ද මේ වන විට මුළුමනින්ම අවසන් කොට තිබේ.

සාමාන්‍ය පොදු මහජනතාවට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව කොළඹ වරාය නගරයට පිවිසිය හැකියාව පවතින අතර ,

මුහුද ගොඩකර හෙක්ටයාර් 269 ක අයත් භූමිය ඇතුළු වෙරළ ඉදිකිරීම සහ දියකඩනය ඉදිකරීම් වැයවී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 830 කි.

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ උපදෙස් හා අධික්ෂණය යටතේ කොළඹ වරාය නගරය ඉදිකෙරෙන අතර Port City Colombo pvt/ Ltd සමාගම ආයෝජන සමාගම වශයෙන් කටයුතු කරන අතර China Harbor Company(CHEC)සමාගම කොන්ත්‍රාත් සමාගම වශයෙන් කටයුතු සිදුකරනු ලබයි.

Related posts

රිෂාඩ් ඇතුළු අනෙකුත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක් [වීඩියෝ]

Mohamed Dilsad

රත්නපුරේ වතු යායකින් දරු දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

කඩු කිණිසි අතැතිව ව්‍යාපාරිකයා ට කළ තර්ජනය -CCTV

Mohamed Dilsad

Leave a Comment