Trending Newsඑසැන පුවත්දේශීය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට (30) මතුගම ආදාහනාගාරයේදී

මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (3)) පස්වරුවේ සිදු කරන බව අවමංගල්‍ය සංවිධායක කමිටුව සඳහන් කරයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) වෙල්ගම මහතා අභාවප්‍රාප්ත විය. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු 74ක් විය.

1950 වසරේ අප්‍රේල් 05 වනදා උපත ලැබූ ඒ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වෙල්ගම මහතා 1982 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගලවත්ත  ආසන සංවිධායකවරයා ලෙස දේශපාලන ගමන්මග ආරම්භ කළේය. 1994 වර්ෂයේ  පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා  වසර 30ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළේය. අමාත්‍ය ධුර කිහිපයක් දැරූ ඒ මහතා 2020 වසරේ දී නව ලංකා නිදහස් පක්ෂය පිහිටවා එහි නායකත්වයට පත්විය

කළුගංතොට සිංහයා නමින් කළුතර ජනතාව අතර ආදරයට පාත්‍ර වූ වෙල්ගම මහතා මෙරට ජන හදවත් දිනාගත් කෘතහස්ත දේශපාලනඥයෙක්. කුමර වෙල්ගම මහතාගේ දේහය අද උදෑසන සිට මතුගම ,හොරවල, ඩෙනිස්ටන් වත්තේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට (30) සවස මතුගම  ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

Related posts

India keeping close watch on Sri Lanka’s growing economic ties with China

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Maldives Supreme Court orders release of former President Mohamed Nasheed, 8 others

Mohamed Dilsad

Leave a Comment