දේශීය

දෙලක්ෂයකට ඊයේ බූස්ටර් එන්නත

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ඊයේ දිනයේදී පමණක් දෙලක්ෂ තුන්සිය හතලිස් හය දෙනෙකුට තුන්වන මාත්‍රාව දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා බූස්ටර් මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව ගෙන ඇති මුලු සංඛ්‍යාව දහසය ලක්ෂ හතලිස් නවදහස් තුන්සය හැට අටක් දක්වා ඉහළ යනු ඇති.

පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව 01 කෝටි 37 ලක්ෂ 96 දහස් 586ක් වන අතර මේ දක්වා මෙරටදී භාවිතයට ගෙන ඇති මුලු එන්නත් මාත්‍රා සංඛ්‍යාව 03 කෝටි 14 ලක්ෂ 06 දහස් 35ක් බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

Related posts

හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර අධිකරණයට බාර වෙයි.

Editor O

ලිහිල් වන සංචරණ සීමා

Mohamed Dilsad

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

Editor O

Leave a Comment