Trending Newsඑසැන පුවත්දේශීය

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් අද (23) වරෙන්තු නිකුත් නිකුත් කර තිබේ.

අදාළ නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියද පළමු වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) අධිකරණයට පැමිණ නැත. එබැවින් කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

කෙසේ නමුත් කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරද්දී ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ප්‍රකාශයක් ලබාදෙමින් සිටි බවද වාර්තා වෙයි.

Related posts

NPC mulls traffic monitoring via Google

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරු තුන්වේලම කන්නේ පාර්ලිමේන්තුවෙන් – දිලිත් ජයවීර

Editor O

No proof of Sri Lanka bombers visiting India

Mohamed Dilsad

Leave a Comment