දේශීය

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමට ආසන්නයේදී අද (15) අලුයම මාරක රිය අනතුරක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇති බවයි.

මාතර සිට කොට්ටාව දක්වා ගමන් කරමින් සිටියදී සිදුව ඇති මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, 39 හැවිරිදි පියෙකු සහ ඔහුගේ සිව් හැවිරිදි දියණියයි.

අනතුරින් තුවාල ලැබු මව සහ තවත් දරුවෙකු මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

තුවාල ලැබු තවත් අයෙකු හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

Related posts

අදත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුවේ පච නොවී ඉංග‍්‍රිසි පුළුවං කෙනෙක් ගියා නම් රටට නම්බුයි..

Editor O

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක

Editor O

Leave a Comment