Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාල අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති පත්කරයි

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස අද (12) රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද නේපාල මාධ්‍ය වාර්තා කර ඇත.

එරට Gen Z විරෝධතාකරුවන් සහ ජනාධිපතිවරයා සහ ප්‍රධාන හමුදා නිලධාරියා අතර ඇති වූ එකඟතාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කර්කි පත්වීමත් සමග නේපාලයෙන් බිහිවූ පළමු කාන්තා අගමැතිවරිය ලෙසද ඇය ඉතිහාසයට එක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

ඇගේ මූලිකත්වයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් පත්වීමට නියමිත අතර පළමු රැස්වීම අද රාත්‍රියේම පැවැත්වෙනු ඇති බවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව මෙන්ම පළාත් පාර්ලිමේන්තු හතම විසුරුවා හැරීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මේ අනුව එළැඹෙන මැතිවරණය තෙක් එරට භාරකාර රජයේ ප්‍රධානියා ලෙස හිටපු අගවිනිසුරුවරිය කටයුතු කරනු ඇත.

Related posts

සිසුන්ගේ පැමිණීමට පෙර සෑම පාසලකටම ගිලන් කාමරයක්

Mohamed Dilsad

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Editor O

குழந்தையின் தலை அதிகம் வியர்ப்பதற்கான காரணங்கள்

Mohamed Dilsad

Leave a Comment