Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජීවිතක්ෂයට

ශ්‍රී පාදය බලා නල්ලතන්නිය- ශ්‍රී පාද මාර්ගයෙන්  ගමන් කරමින් සිටි ඩෙන්මාර්ක් ජාතිකයෙක් අද  (20) අලුයම ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වී මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන්  පසුව  මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

හදිසි හෘදයාබාදයක් හේතුවෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ජෙෂ්වරන් ටොර්ස්ටන් නැමති (67) හැවිරිදි විවාහක සංචාරකයෙකි.

මෙම සංචාරකයා ඔහුගේ බිරිඳ සමග නල්ලතන්නියේ පිහිටි සංචාරක නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන අද (20)  අලුයම බිරිඳ සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන්  ශ්‍රීපාදය බලා ගමන් කරමින් සිටියදී ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ රෝගී වී අසාධ්‍ය තත්වයෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු සමග රෝහල් කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරා ප්‍රතිකාර කටයුතු කළද මෙම විදේශිකයා මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය කියයි.

මිය ගිය අයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යවා ඇත.

Related posts

වසරක් තුළ කුණු ප්‍රශ්නයට රජයෙන් ස්ථිර සාර විසදුමක්

Mohamed Dilsad

ආරක්ෂාව නැති රටකට ආයෝජකයෝ එන්නේ නැහැ – නාමල් රාජපක්ෂ

Editor O

Final Deadlines to Nigeria and Ghana by FIFA to Avoid Bans

Mohamed Dilsad

Leave a Comment