Trending Newsඑසැන පුවත්දේශීය

ආරක්ෂාව නැති රටකට ආයෝජකයෝ එන්නේ නැහැ – නාමල් රාජපක්ෂ

රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමට නොහැකි රටකට විදේශ ආයෝජකයන් නොපැමිණෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාවලපිටිය සහ ගම්පොළ යන ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (02) දින නාවලපිටිය නගරයේ පෞද්ගලික උක්සව ශාලාවක පැවති රැස්වීමකදී නාමල් රාජ පක්ෂ මහතා ඒ බැව් පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ අධිවේගී මාර්ග හදන කොට අපට බැනපු ජනතා විමුක්ති පෙරමුණ (01) දින පැවැති වූ මැයි දින රැලියට ජනතාව කොළඹට ගෙනාවේ එම අධිවේගි මාර්ගයේ බවයි. එසේ පැමිණි ආධාර කරුවන් අධිවේගි මාර්ගයේ වාහාන නතර කර ආහාර ලබා ගෙන ඇති බවත්, අපට බැනලා හරි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් එම මාර්ග භාවිතා කිරිම සතුටට කරුණක් බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.”

විශ්වවිද්‍යාලවල සිටින ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරකයින්, විශ්වවිද්‍යාලවල නවක වදය දීම නතර කිරිමට පියවර ගත යුතු බවත්, එය නතර කිරිමෙන් පසු රටේ අධ්‍යාපනය ඉහළ දැමීමට හැකි බවත්, පක්ෂය තුල තිබෙන එම ප්‍රශ්නය විසදා ගැනීමෙන් අනතුරුව රටේ ප්‍රශ්න විසදිය හැකි බවයි නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

Related posts

බස් රථ සහ දුම්රියවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

SriLankan and Japan Airlines expand codeshare

Mohamed Dilsad

මීළඟ පෙට්‍රල් නැව එන දිනය

Mohamed Dilsad

Leave a Comment