Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉල්ලීමක්

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

පක්ෂයේ සභාපතිත්වය භාර ගැනීමට අකමැත්තක් දක්වන්නේ නම් එය භාර නොගෙන හෝ පක්ෂය එකමුතු කිරීමේ වැඩපිළිවෙළට සහය දක්වන ලෙසට එම සංවිධායකවරුන් අවස්ථා දෙකකදී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදුකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ තවත් සංවිධානයක් වන අපි ශ්‍රී ලංකා සංවිධානයද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇතත් හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීමට සෘජුව ප්‍රතිචාර නොදක්වා එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරු මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සඳහන් කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුද රැසක් හටගෙන ඇති අතර විවිධ පාර්ශ්වයන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග හරහා නිදහස් පක්ෂයේ දේශපාලනය මේ වනවිට ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇත.

Related posts

திரையரங்குகளில் வாகனத் தரிப்பிடக் கட்டணம்

Mohamed Dilsad

ඇඳිරි නීතිය හමුවේ සුරා සැල් ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

Legal action against persons spreading false rumours

Mohamed Dilsad

Leave a Comment