Trending Newsඑසැන පුවත්දේශීය

අඩුආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට ඇරඹේ

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි. දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇතැයි සඳහන්.

ඒ අනුව එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන් වේ. අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ප්‍රතිලාභීන් දාහත්ලක්ෂ 20,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය  පවසයි. මෙහිදී කාණ්ඩ 04ක් යටතේ ප්‍රතිලාභ මුදල් හිමිවන අතර අන්ත දුප්පත් කාණ්ඩය සඳහා රුපියල් 17,500ක මුදලක් ද, දුප්පත් යන කාණ්ඩය සදහා රුපියල් 10,000ක මුදලක් ද, අවදානම් සහ සංක්‍රාන්ති යන කාණ්ඩ දෙක සදහා රුපියල් 5,000 බැගින් මාසිකව අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීම සිදුකෙරේ.
 

Related posts

பந்துவீச தாமதமாகியமையினால் இலங்கை அணிக்கு அபராதம்

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

நகைச்சுவை நடிகர் 10-வது குழந்தைக்கு தந்தை ஆனார்

Mohamed Dilsad

Leave a Comment