Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තෙල් ටැංකි 99ක් අපට වැඩියි. ටැංකි 61ක් යොදාගෙන, ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරලා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනවා.

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත් ඉන්දීය තෙල් සංස්ථාවේද තෙල් ගබඩා ඇති බවත් පැවසු ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයට මෙතරම් තෙල් ටැංකි ප්‍රමාණයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කරයි.

ත්‍රිකුණාමලයේ එසේ වැඩි වන තෙල් ටැංකි 61 ඉන්දීය සමාගමක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සාකච්ඡා සිදුකරමින් ඇති බවද හෙතෙම සඳහන් කළේය. එහි තෙල් පිරිපහදුවක් ඉදිකර තෙල් ටැංකුවල ගබඩා කිරීමෙන් අනතුරුව ලෝක වෙළඳපොලට තෙල් සපයන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුව ඇති බවද ඒ මහතා කියා සිටී.

කළුතර ප්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

රාජ්‍ය ආමාත්‍යවරු සිව්දෙනෙක් ධූරවලින් නෙරපයි.

Editor O

எரிபொருள் விலை நிச்சயம் அதிகரிக்கும்

Mohamed Dilsad

மும்பை இந்தியன்ஸ், ரைஸிங் பூனே இன்று மோதல்

Mohamed Dilsad

Leave a Comment