Trending Newsඑසැන පුවත්දේශීය

වී ගබඩා පිරිසිදු කර අලුත්වැඩියා කිරීමට හමුදාව යොදවයි.

මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩාවන් 209ක ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.

එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩාවන්‌ හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ පිරිසිදු කිරීමට සහ සුළු අලුත්‌වැඩියා කිරීමට සිදුව ඇති බැවින්,‌ ජාතික අවශ්‍යතාවය සඳහා ආරක්‍ෂක අංශ වල සහයෝගය ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්‌තූමාගේ උපදෙස් ප්‍රකාරව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ 2025 ජනවාරි මස 18 වන දින සිට 2025 ජනවාරි මස 27 වන දින දක්වා සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානයන් විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති අතර, එහි සමාරම්භයක් වශයෙන් ප්‍රදේශ කිහිපයක පිහිටි වී ගබඩාවන් පිරිසිදු කිරීම හා අලුත්වැඩියාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Wimalaraj Nashen shot at in Kalawanchikudi

Mohamed Dilsad

முஸ்லிம் சமூகத்தின் ஜீவநாடி மரச் சின்னம் என்று கூறியோர், எட்டுச் சின்னங்களில் போட்டியிடுகின்றனர்”

Mohamed Dilsad

Leave a Comment