දේශීය

ඉදිරියේදී ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ඒ, දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන්.

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලටත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලටත්, සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දකුණ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත්, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

න්‍යෂ්ටික බලශක්තිය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

Mohamed Dilsad

ඉන්දීය සංක්‍රමණ වැළැක්වීමට දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි[RELEASE]

Mohamed Dilsad

Leave a Comment