ක්‍රීඩා

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

(UTV |එංගලන්තය) – එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියයක් බැගින් වන නවතම ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන විස්තර විචාරකයින්ගේ නාමාවලියට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ නම ද ප්‍රකාශයට පත්කර ඇත.   

තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි ස්කයි ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාව විසින් එම නම් නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඊට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී පැවැත්වීමට නොහැකි වූ මෙම තරග රටාවේ පළමු අදියර ලබන ජූලි 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

Related posts

CWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

විස්සයි 20 දිනු අපේ වීරයින්ගේ සුපිරි ඉනිම මෙන්න (වීඩියෝ)

Mohamed Dilsad

චීන විවෘත ටෙනිස් පිරිමි අංශයේ ශූරතාව ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

Leave a Comment