ක්‍රීඩා

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

(UTV |එංගලන්තය) – එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියයක් බැගින් වන නවතම ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන විස්තර විචාරකයින්ගේ නාමාවලියට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ නම ද ප්‍රකාශයට පත්කර ඇත.   

තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි ස්කයි ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාව විසින් එම නම් නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඊට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී පැවැත්වීමට නොහැකි වූ මෙම තරග රටාවේ පළමු අදියර ලබන ජූලි 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

Related posts

ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 17 ක ජයක්-අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

නවසීලන්ත පිතිකරුවෝ ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පරාජයට.

Mohamed Dilsad

Leave a Comment