ක්‍රීඩා

ක්‍රිස් මොරිස් IPL ඉතිහාසයේ වැඩිම ලංසුවකට අලෙවි වූ ක්‍රීඩකයා වෙයි

(UTV| ඉන්දියාව) – IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (18) පස්වරුවේ චෙන්නායිහී දී පැවැත්විය.

උපරිම වශයෙන් ක්‍රීඩකයින් 61 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් මෙම වෙන්දේසිය ඊයේ දිනයේ දී පැවැති අතර, වෙන්දේසිය අවසන් වන විට සියලු කණ්ඩායම් විසින් තම කණ්ඩායමට තෝරා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය මිලදී ගෙන තිබුණි.

IPL තරඟ ඉතිහාසයේ වැඩිම මිළක් නියම වූ ක්‍රීඩකයා බවට ක්‍රිස් මොරිස් පත්විය.

අද පැවති ක්‍රීඩක වෙන්දේසියේදි රාජස්ථාන් රෝයල්ස් පිළ ක්‍රිස් මොරිස්ව මිළදි ගත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 1625 කටයි.

ග්ලේන් මැක්ස්වෙල් හට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ ලබාදුන් වටිනාකම ඉන්දිය රුපියල් ලක්ෂ 1425 ක්.

ෂකිබ් අල් හසන් අලෙවි වුනේ ඉන්දිය රුපියල් ලක්ෂ 320 ක මිළකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමටයි.

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම විසින් මොයින් අලීව මිළදි ගත්තේ ඉන්දිය රුපියල් ලක්ෂ 700 කටයි.

කෙසේ වෙතත් එහිදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මිලදී ගැනිමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

එනම්, කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් තිදෙනායි.

 

Related posts

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

Mohamed Dilsad

මැතිව්ස් සහ දුෂ්මන්ත ලෝක කුසලාන කණ්ඩායමට කැඳවයි

Mohamed Dilsad

‘අපිට ඉන්නවා තරග දිනවන ක්‍රීඩකයින් රැසක්’ සංගා රාජස්ථාන් ගැන කියයි

Mohamed Dilsad

Leave a Comment