ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්වෙයි

(UTV| කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.

මේ අතර, එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිත තේරීමේ කටයුතු අද දිනයේ දී අවසන් වීමට නියමිත බව ද වාර්තා වනවා.

අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තේරිම් කම්ටුවේ ඉතිරි වූ සාමාජිකයන් දෙදෙනා වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකරනු ඇති බව සඳහන්.

 

Related posts

යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක්

Mohamed Dilsad

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

Mohamed Dilsad

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment