විදෙස්

මියන්මාර විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

(UTV | මියන්මාරය) – මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවයක නිරතවී සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට හිසට වෙඩි වැදීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 09 වනදා පැවති විරෝධතාවයකදී ජල – රබර් උණ්ඩ සහ සජීව පතොරම් යොදාගනිමින් මියන්මාර ආරක්ෂක විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව එරට හමුදා පාලනයට එරෙහිව විරෝධතාවලින් මියගිය පළමුවැන්නා ලෙස ඇය වාර්තා වෙයි.

 

Related posts

හැරී-මේගන්ගේ තීරණයට මහ රැජිනගෙන් අවසර

Mohamed Dilsad

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අදයි

Mohamed Dilsad

Leave a Comment