විදෙස්

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

(උදයම්,හොංකොං රාජ්‍යය)  –   හොංකොං දිවයිනෙන් සොයා ගැණුනු විශාලතම ඇත්දළ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

වසර 30 කට පසු ඊයේ මෙතරම් විශාල ඇත්දළ තොගයක් සොයා ගැනුණි.

හොංකොං වරාය ආශ්‍රිත බහාලූම් අංගනයක බහාලූමක තිබී සොයා ගැනුණු මෙම ඇත්දළ තොගයේ බර කිලෝග්‍රෑම් 7200 කි.

එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 9 යි දශම 2 කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අධි ශීතකල මසුන් බවට සදහන් කරමින් මැලේසියාවේ සිට එම බහාලූම එවා ඇත.

මෙම ඇත්දළ තොගය ඇතුන් 800 දෙනෙකුගෙන් ලබාගෙන ඇති බව එරට වනජීවී නිලධාරීහු පවසති.

Related posts

උගන්ඩාවේ ව්‍යාජ කොවිඩ් එන්නත්

Mohamed Dilsad

ඔබාමාට සහ හිලරිට තැපෑලෙන් ආ පාර්සල් මොනවද?

Mohamed Dilsad

මයිකල් බ්ලූම්බර්ග් ඇමරිකානු ජනාධිපති සටනට එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment