විදෙස්

හැරී-මේගන්ගේ තීරණයට මහ රැජිනගෙන් අවසර

(UTV | කොළඹ) – රජ පවුලේ සැන්ඩි‍්‍රන්හැම් මන්දිරයේ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව රජ පවුලේ තවදුරටත් රැදී සිටිමින් නිදහස භුක්ති විදීමට හැරී කුමරු සහ මේගන් කුමරියට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ අවසරය හිමි වී තිබේ.

ඒ අනුව හැරී කුමරු සහ මේගන් කුමරියට කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අවසර හිමි වන බව විදස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගියදා මහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කර තිබෙන බව ඔටුන්න හිමි හැරී කුමරුන් සහ මේගන් මාර්කල් ආර්යාව නිවේදනය කළේය.

එළිසබෙත් රැජින පවසන්නේ මෙම ගැටළුව සිය පවුලට සංකීර්ණ හා විසඳාගැනීම දුෂ්කර කරුණක්වූ බවයි.

රාජකීය යුවළගේ තීරණය සම්බන්ධයෙන් තවත් බොහෝ කරුණු නිරවුල් කරගැනීමට ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඩොලර් මිලියන 9 කට අධික වටිනාකමින් යුතු ඇත්දළ තොගයක් සොයාගනී

Mohamed Dilsad

ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)

Mohamed Dilsad

උතුරු කොරියාව, දකුණු කොරියාව සමඟ සාකච්ඡා අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment