ක්‍රීඩාප්‍රමුඛ පුවත 1විදෙස්

බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම වෙඩි ප්‍රහාරයකට මැදි වෙයි

(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ.

ඒ අනුව එම එක් ප්‍රහාරයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද මැදිවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පුද්ගලයන් දෙදෙනෙකු එම දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

ක්‍රයිස්චර්ච් රෝහල අසළ ද වෙඩි තැබීමක් වාර්තා වී ඇති අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

නිවෙස්වල රැදී සිටින ලෙස නවසීලන්ත පොලීසිය ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

මාවනැල්ල බුදු පිළිම සිද්ධිය ගැන පොලීසියෙන් ඉල්ලීමක් [PHOTO]

Mohamed Dilsad

Leave a Comment