ගොසිප්

රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ

(UTV | මාතලේ) – ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල වී රෝහල්ගත වී ඇතැයි සමාජ මාධ්‍ය ජාලාවල පුවතක් හුවමාරු වෙයි.   

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇය මෙලෙස මෙම සංචාරයේ යෙදී ඇති බව ද වාර්තා වෙයි.

ඇමති දියණිය සමග ඇගේ මිතුරු මිතුරියන් පිරිසක්ද මෙම ගමන සඳහා එක්ව ඇතැයිද එම වාර්තාවල සඳහන්.

තුවාල ලැබූ ඇමති දියණිය කූඩැල්ලන් කෑම නිසා රෝහල් ගතකර ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසින් බවත් එම ඇමැතිවරයා ව්‍යඹ පළාත නියෝජනය කරන ඇමතිවරයෙකු බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ෆොන්සේකා ජනපති ධූරයත් ඉල්ලයි

Mohamed Dilsad

ටප්සි පන්නු නිෂ්පාදන ආයතනයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment