විදෙස්

මැලේසියාවත් වසා දමයි

(UTV |මැලේසියාව ) –කොවිඩ් -19 ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජුනි මස 07වන දින දක්වා එය ක්‍රියාත්මක වන බවය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ ප්‍රබලතාව පිළිබඳ අවදානය යොමුකරමින් ඊයේ (10) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී එම තීරණය ගෙන තිබේ

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැලේසියාව සම්පුර්ණයෙන් වසා දමන තුන්වන අවස්ථාව මෙය වේ.

මේ වන විට එරටින් ආසාදිතයින් 444,484ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,700කි.

Related posts

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵලය සුදානම් [VIDEO]

Mohamed Dilsad

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

Mohamed Dilsad

Leave a Comment