ගොසිප්

වහාම Lockdown කරන්න – WHO ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

(UTV | කොළඹ) – දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙසද දැඩි සංචරණ සීමා කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.   

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් (Olivia Nieveas) තම ආයතනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’ බවයි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 04 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝවක් නිකුත් කරමින් මෙරට සෞඛ්‍ය සේවකයන් වෙහෙස නොබලා කටයුතු කිරීම ලොවට අනාවරණය කළේය.

මෙය කැප කිරීම හේතුවෙන් ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවද ඔලිවියා නිවේරාස් අවධාරණය කර ඇත.

 

 

 

Related posts

අවදානම් ප්‍රදේශ වල උසස් පෙළ විභාග රාජකාරිය කළ සියළු දෙනා PCR පරීක්‍ෂණයට

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ආයතන කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment