ගොසිප්

අවදානම් ප්‍රදේශ වල උසස් පෙළ විභාග රාජකාරිය කළ සියළු දෙනා PCR පරීක්‍ෂණයට

(UTV |කොළඹ) – කොවිඩ් වෛරසය ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි උසස් පෙළ විභාග රාජකාරි කළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා PCR පරීක්ෂණ කිරීමට සුදානම් වේ.

ඒ විභාග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කර ඉල්ලීමකට අනුවය.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම ප්‍රදේශවල විභාග රාජකාරී කළ ගුරු හා විදුහල්පතිවරුන්ට PCR පරීක්ෂණ සඳහා පහසුකම් සලසන ලෙසට ගුරු වෘත්තීය සංගම් දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම් පිළිබඳ සලකා බලමිනි.

වයිරසය බරපතළ ලෙස ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ කුලියාපිටිය වැනි ප්‍රදේශවල සේවය කළ පිරිස වෙනුවෙන් මෙම පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරයි.

එවැනි අවශ්‍යතාවක් පවතින්නේ නම් අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ද සඳහන් කර සිටියේය.

මෙම පහසුකම සලසන ලෙස ලංකා ගුරු සංගමය හා ලංකා විදුහල්පති සංගමය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

ඇතැම් ගුරුවරු රුපියල් 9500ක් වැය කරමින් පෞද්ගලික රෝහල්වලින් PCR පරීක්ෂණ කර තිබීම ගුරු වෘත්තීය සංගම්වල ඉහත ඉල්ලීමට හේතු වී තිබේ.

Related posts

කෝලි සහ අනුෂ්කා 2021දී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

පාඨලී – රාජිත – රන්ජන්ගෙන් පසු මීළඟ ඉලක්කය හිරුණිකා [VIDEO]

Mohamed Dilsad

කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැනි ගගනගාමියා

Mohamed Dilsad

Leave a Comment