දේශීය

නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

(UTV | කොළඹ) – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මාධ්‍ය ලේකම් ඉන්දික පොල්කොටුව මහතා සඳහන් කලේ කලුවැව මහතා විසින් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එය භාරගෙන ඇති බවද මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ ආවරණය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු පත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ට රජයෙන් මාසයකට රුපියල් 15,000 ක්

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක්

Mohamed Dilsad

මුදලට බිළිඳුන් ගත් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment