දේශීය

නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

(UTV | කොළඹ) – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මාධ්‍ය ලේකම් ඉන්දික පොල්කොටුව මහතා සඳහන් කලේ කලුවැව මහතා විසින් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එය භාරගෙන ඇති බවද මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ ආවරණය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු පත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම කරයි.

Editor O

අද සිට ඩ්‍රෝන කැමරා යොදවයි

Mohamed Dilsad

22 වනදා රටම ඇණ හිටිනවා – වෘත්තීය සංගම්

Mohamed Dilsad

Leave a Comment