විදෙස්

ඇමෙරිකාවේ කොලරාඩෝ හී වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 ක් මරුට

(UTV | ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක් තුල මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

සුපිරි වෙළදසැලට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් විනාඩි 20 කට ආසන්න කාලයක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද එම වාර්තාවල දැක්වෙයි.

මියගිය පුද්ගලයින් 10 දෙනා අතර පොලිස් නිළධාරියෙක්ද සිටින අතර, මේ වනවිට වෙඩිතැබීම සිදුකල සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ද යන්න සම්බන්දයෙන් තවමත් කරුණු අණාවරන වී නොමැත.

 

Related posts

දරුණු හජිබිස් සුළි කුණාටුව ජපන් ජීවිත අඩාල කරයි

Mohamed Dilsad

හිටපු අගමැතිවරයෙකුට වෙඩි තබයි

Mohamed Dilsad

ස්පාඤ්ඤයට බලපෑ දූවිලි කුණාටුවෙන් ජනතාව පීඩාවට

Mohamed Dilsad

Leave a Comment