විදෙස්

සිඞ්නි නගරයේ ගංවතුරින් එළදෙනුන් රැසක් ගසාගෙන යයි

(UTV | ඕස්ට්‍රේලියාව) – දශක ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගෙන ඇති දරුණු ගංවතුරට හසුවූ ප‍්‍රාන්තයේ වැසියන් 18,000 ක් පමණ දෙනා ඊයේ (22) දිනය වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබූ අතර සිඞ්නි නගරයේ ගොවිපළවල ඇති කරන එළදෙනුන් විශාල පිරිසක් ගං වතුරට ගසා ගෙන ගොස් මුහුදු වෙරළ, කාණු, පාසල්, මාර්ග, නිවාස ඇතුළු ජනාකීර්ණ ප‍්‍රදේශවල රැඳී සිටියදී සොයා ගෙන තිබේ.

සිය එළදෙනුන් ගංවතුරට ගසා ගෙන යෑම නිසා ඔවුන්ගේ ඇතැම් අයිතිකරුවන්ට ගංවතුරෙහි පිහිනා ගොස් එළදෙනුන්ව බේරා ගැනීමට සිදුව තිබිණි. දරුණු ගංවතුරට හසුව සිටි ඇතැම් එළදෙනුන් මිය ගොස් ඇත.

මොන්ඞ්රුක් ප‍්‍රදේශයේ සත්ත්ව ගොවිපළ අයිතිකරුවෙකු වන පීටර් බෝවීට අනුව ඔහුගේ ගොවිපළෙහි සිටි එළදෙනුන් 180 දෙනකු ගංවතුරට ගසාගෙන යෑම නිසා අතුරුදන් වී තිබේ. මෙසේ ගංවතුරට ගසා ගෙන ගිය බොහෝ එළදෙනුන් පෙර පාසල් හා ගෙවතුවලද රැඳී සිටියදී සොයා ගෙන තිබිණි.

ඕස්ට්‍රේලියාවේ එළදෙනෙකුගේ වෙළඳපල වටිනාකම ඔස්ටේ‍්‍රලියානු ඩොලර් 360,000 ක් වන අතර එම වටිනාකම නිවාස ඇතුළු දේපළවලට වඩා වැඩි වීම නිසා නැති වී ගිය එළදෙනුන්ගේ වටිනාකම ගණනය කිරීමට සත්ත්ව ගොවිපළ හිමිකරුවන් මේ වන විට පියවර ගෙන තිබේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයට ඇදහැළෙන ධාරානිපාත වැසි මෙම සතිය පුරාම පවතිනු ඇති බවට කාලගුණ විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර ඇති අතර ඇතැම් ප‍්‍රදේශවලට දැනටමත් මිලි මීටර් 900 කට ආසන්න වැසි ඇදහැළෙන බව වාර්තා වී ඇත.

 

Related posts

ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා නව පක්ෂයක් පිහිටුවයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුට

Mohamed Dilsad

ගුවන් යානයක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment