විදෙස්

ට්‍රම්ප්ගෙන් FBIයට චෝදනාවක්

(UTV|ඇමෙරිකාව)  – ඇමෙරික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, FBI ආයතනයට දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ FBI ආයතනයේ ගෞරවය දෙදරාගොස් ඇති බවය. 2016 අමෙරිකානු ජනාධිපතිවරණයේ දී රුසියානු මැදිහත්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වමින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස චෝදනා කළේය.

සිය ආධාරකරුවෙකු වන මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් ඉවත්කර ගන්නා ලෙස හිටපු FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේගන් ඉල්ලා ඇති බවට අමෙරිකා ජනාධිපතිවරයාට චෝදනා එල්ල වේ.

එය ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා FBI ආයතනයට දෝෂාරෝපනය කර තිබේ. අමෙරිකානු මැතිවරණයේ දී රුසියානු මැදිහත්වීම් සම්බන්ධයෙන් රොබට් මුලර් පිළිබඳව සිදු කරන පරීක්ෂණ හමුවේ අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ෆේස්බුක් සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කරයි

Mohamed Dilsad

මලයාසියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

කිම් ජොන්ග් එරට වැසියන්ව භාහිර ලෝකයෙන් වසන් කරයි

Mohamed Dilsad

Leave a Comment