දේශීය

මුදලට බිළිඳුන් ගත් සැකකාරියන් දෙදෙනා රිමාන්ඩ්

දින 08ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු මිලදී ගත් සැකකාරියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

සැකකාරියන් අද (07) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (08) දින දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

 

එම එක් බිළිඳකු විකුණා ඇත්තේ රුපියල් 25,000ක මුදලකටය.

 

සිද්ධියට සම්බන්ධයෙන් 29 හැවිරිදි මව සහ සෙසු කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණේ පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුවය.

 

රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිර්නාමිකව ලැබුණු තොරතුරක් අනුව එලෙස රාගම නාරංගොඩපාලුව විහාර මාවතේ නිවසක් සෝදිසි කිරීමේදී අලුත උපන් බිළිඳෙකු සොයාගෙන තිබුණි.

 

ඒ අනුව එම නිවසේ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් මත මෙම බිළිඳා අතිදැඩිකිරීම සඳහා බිළිඳාගේ මවගෙන් නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් බව පොලීසිය හෙළි කරගෙන තිබේ.

 

වැඩිදුර සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම දරුවාගේ අනෙක් නිවුන් සහෝදරයා පොළොන්නරුවේ පදිංචි තවත් කාන්තාවකට රුපියල් 25,000ක මුදලකට විකුණා ඇති බවය.

 

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳුන්ගේ මව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර ඇති බවද වාර්තා වෙයි.

 

ඒ අනුව බිළිඳුන් ප්‍රසූත කළ කාන්තාව සහ ඒම බිළිඳුන් ලබාගත් කාන්තාවන් දෙදෙනා අද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

 

කෙසේවෙතත් බිළිඳුන් දෙදෙනා ඔවුන්ගේ මව සමග මේ වනවිට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා සිටී.

Related posts

මහින්දානන්දගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ට ළඟදීම මංගල සීනු….

Editor O

කුමාර වෙල්ගම  අල්ලස් නඩුවකින් නිදහස්

Mohamed Dilsad

Leave a Comment