දේශීය

රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක්

(UTV | කොළඹ) –  රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසැක් රාජ්‍ය ඉ- ඉගෙනුම් පද්ධතිය (GeLP) මඟින් දියත්කොට තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය එක්ව මෙය ක්‍රියාවට නංවනු ලබයි.

අන්තර්ජාලය හරහා ඕනෑම මොහොතක මෙම පාඨමාලාවන් සඳහා ලියාපදිංචි විය හැකිය. ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය ඇතුළු ආයතන රැසක් මේ සඳහා දායක වී ඇත.

රාජ්‍ය නිලධාරීන් ට අදාළ විවිධ විෂයන් රැසැක් සඳහා වන පාඨමාලා රාජ්‍ය ඉ-ඉගෙනුම් පද්ධතිය තුළින් අධ්‍යයනය කළ හැකි අතර, රාජ්‍ය ප්‍රසම්පාදන කළමනාකරණය, තොරතුරු අයිතිවාසිකම්, කාර්යාල කළමනාකරණ කාර්යය සංග්‍රහය ඇතුළු විෂයන් රැසක් පාදක කරගනිමින් මෙම පාඨමාලාවන් සකස් කර තිබේ.

දැනටමත් 2000 කට වැඩි රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ලියාපදිංචී වී ඇත.

2020 දෙසැම්බර් මස 31 දක්වා GeLP මඟින් ලබාදෙන පාඨමාලාවන් නොමිලේ හැදෑරිය හැකි බවත්, වැඩි විස්තර www.gelp.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය පවසයි.

Related posts

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 92 ජනාධිපති රනිල්ට සහාය පළ කරයි.

Editor O

පළාත් පාලන මැතිවරණයට අදාළ නිර්දේශ අනුව කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Editor O

සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment