දේශීය

“කෙසෙල්වත්තේ දිනුක” ගේ දේහය දිවයිනට

(UTV| කොළඹ) – ඩුබායිහිදී ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් නොහොත් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ මෘත ශරීරය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

කටුනායක ගුවන්තොටුපල සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ ඩුබායි හී සිට එවා තිබූ මෙම මෘත ශරීරය මේවනවිට පොලිසිය වෙත භාර දී ඇති බවයි.

විදේශයන්හී සිට මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවෙකු ලෙස කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා සැළකෙයි.

ඩුබායිහී පැවති සාදයක් අතරතුර හෘදයාබාධයක් හේතුවෙන් කෙසෙල්වත්තේ දිනුක නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවට ශ්‍රී ලංකා පොලිසිය වෙත වාර්තා වී තිබුණේ පසුගිය ඉරිදායි.

 

Related posts

රන්ජන් රාමනායකව ඇප මත මුදා හැරේ [UPDATE]

Mohamed Dilsad

පොලිස්පතිගේ මහජන දිනය ඔක්තෝබර් 11 සිට සෑම සිකුරාදාම පොලිස් මූලස්ථානයේ දී

Editor O

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment