විදෙස්

මුකේෂ් අම්බානි ඝාතනය කිරීමට සැලසුම් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ සුපිරි කෝටිපති මුකේෂ් අම්බානි පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් මගින් ඝාතනය කිරීමට දියත් කළ සැලසුම මෙහෙය වූ මුම්බායි නගරයේ පොලිස් නිලධාරියකු වූ සචින් වාසේ අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය රහස් පොලිසිය එම පොලිස් නිලධාරියාගේ කාර්යාලය පරීක්ෂාවට ලක් කිරීමේදී ඉන්දීය රුපියල් ලක්ෂ පහක්, ව්‍යාජ වාහන අංක තහඩුවක් සහ කාර්යාලය අසල නතර කර තිබූ බෙන්ස් රියක් ද හමුවී තිබේ.

මේ අතර තමාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව දක්වමින් සචින් වාසේ ඉදිරිපත් කළ අයැදුම්පත අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.

 

Related posts

බන්ධනාගාර ගැටුමකින් 39ක් මරුට

Mohamed Dilsad

ජර්මනිය තුළ නොමිලේ සිදු කළ COVID-19 පරික්ෂණ නවතා දැමේ

Mohamed Dilsad

කොරෝනාවෙන් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට ඉතාලියයි

Mohamed Dilsad

Leave a Comment