විදෙස්

ජර්මනිය තුළ නොමිලේ සිදු කළ COVID-19 පරික්ෂණ නවතා දැමේ

(UTV | කොළඹ) – ජර්මනිය තුළ මෙතෙක් කලක් නොමිලේ සිදුකෙරුණු COVID-19 පරික්ෂා කිරීම් නැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. අද වනවිට එරට සියලුම ජනතාවට නොමිලේ COVID-19 මර්දන එන්නත් ලබාදීමට කටයුතු කිරීම මෙම තීරණයට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් තවමත් එක්නත්කරණය සිදු කරගැනීමට නොහැකි වූ පුද්ගලයන්ට මෙන්ම පොදු උපදෙස් අනුව තවමත් එක්නත්කරණය සදහා සුදුසුකම් නොමැති පිරිස් වෙත මම රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් නොමිලේම සිදු කරගැනීමේ අවස්ථාව ඇතැයි ජර්මානු රජය පවසයි. ඒ අනුව උදාහරණයක් ලෙස වයස අවුරුදු 12ට අඩු සියලු දෙනාටම ඉදිරියටත් COVID-19 පරික්ෂාවන් නොමිලේ සිදු කිරීමට නියමිතව තිබේ. “අපි බදුගෙවන්නන්ගේ මුදල් වෙත සාධාරණයක් ඉටු කරන්න අවශ්‍යයි.

ඒ නිසා මේ නොමිලේ සිදුකරන COVID-19 පරික්ෂාවන් නවත්වන්න වෙනවා.” යනුවෙන් ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය පේන්ස් ස්පාහ්න් පසුගියදා පවසා ඇත. පෙරේදා දිනය වනවිට ජර්මනියේ සමස්ත ජනගහනයෙන් මිලියන 54.27ක් සඳහා පූර්ණ එන්නත්කරණය සිදුකර අතර, එරට එන්නත්කරණ අනුපාතය 65.3%ක් බව රෝග පාලනය සහ වළක්වා ගැනීම සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.

Related posts

කොරෝනා වැළඳීමේ හැකියාව ගැන නව සොයා ගැනීමක්

Mohamed Dilsad

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

Mohamed Dilsad

කෙන්යාවේ වගාවන්වලට පලගැටි ආක්‍රමණයක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment