විදෙස්

කොරෝනා වැළඳීමේ හැකියාව ගැන නව සොයා ගැනීමක්

(UTV|කොළඹ ) – කොරෝනා වෛරසය වැළදීමට වැඩි ප්‍රවනතාවක් ඇති රුධිර කාණ්ඩය පිළිබඳ සොයා ගැනීමක් සිදුකර තිබේ.

මෙය චීන වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක මූලික අදියරේ දී සොයා ගැනීමකි.

එහිදී අනාවරණය වී ඇත්තේ “A” කාණ්ඩයේ රුධිරය ඇති පුද්ගලයින්ට නව කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවයි.

සවුත් චයිනා මෝර්නිංග් පෝස්ට වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට මෙම
පරීක්ෂණය සිදු කර ඇත්තේ වුහාන් සහ ෂෙන්සෙන් නගරවල ආසාදිතයින් දෙදහසකට වැඩි පිරිසක් යොදා ගනිමිනි.

එම පර්යේෂණයෙන් හෙළි වූ තවත් කරුණක් නම්  “O” රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් වෛසරයට වඩාත් ප්‍රතිරෝධී වන බවයි.

කෙසේවෙතත් මෙය තව දුරටත් අධ්‍යනය කළ යුතු බව පර්යේෂකයන් පවසයි.

Related posts

ප්‍රබල භූ කම්පනය

Mohamed Dilsad

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

Editor O

ජනපති ට්‍රම්ප් සහ නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා අද

Mohamed Dilsad

Leave a Comment