දේශීය

මගී ගුවන් යානා දිවයිනට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා අද (19) අළුයම 04.00 සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට පියවර ගෙන තිබේ. 

අවසාන වශයෙන් අද අළුයම 03.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඒ අනුව අද දිනයේ සිට දින 07 ක කාලයක් සඳහා ගුවන්තොටුපල වසා දැමීමට තීරණය කර තිබේ.

මෙරටින් මගී ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පිටත්වීම, සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේය.

සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන්යානා දිගටම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන අතර කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යන ගුවන් යානා ද පෙර සැලසුම් කර ඇති පරිදිම සිදුකිරීමට නියමිතයි.

Related posts

නිමල් ලංසාට ඇප

Editor O

කොරෝනා ආසාදිත නාවික පිරිසක් හමුවීමෙන් සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

කතානායක ධූරයට විපක්ෂයෙන් නමක්

Editor O

Leave a Comment