Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිගේ මහජන දිනය ඔක්තෝබර් 11 සිට සෑම සිකුරාදාම පොලිස් මූලස්ථානයේ දී

පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබදී තිබේ. ඒ අනුව ඔක්තෝම්බර් 11 වන දින සිට යළි මහජන සහන දිනය ආරම්භ කිරීමටයි තීරණය කර තිබේ.

ඔක්තෝම්බර් 11 සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී මහජන දිනය පැවත්වෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සඳහා අපේක්ෂිත සහනයන් ලබාගැනීමට නොහැකිවූ අයට මෙමගින් සහන සලසා ගත හැකියි. එහිදී ඔවුන්ට සෘජුවම පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙතින් කඩිනමින් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

Related posts

கொத்மலை நீர்தேக்க வான்கதவு திறப்பு

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් අද නිවෙස් බලා යයි

Mohamed Dilsad

Adele shows off her slim figure at Drake’s birthday party

Mohamed Dilsad

Leave a Comment