දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් අද නිවෙස් බලා යයි

(UTV | කෝවිඩ්-19) – අද (06) දිනයේද ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල තවත් 338 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යන බව යුධ හමුදාව පවසයි.

ඉරණමඩු , බූස්ස , ගල්කන්ද , පිටිපන , රාජගිරිය සහ වාද්දුව නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් මෙලෙස පිටත්ව යන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේය.

මේ අතර ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 11,733 දක්වා ඉහළ ගොස් තිබේ.

මධ්‍යස්ථාන 45 ක තවත් 5216 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද යුධ හමුදාව සඳහන් කළේය.

Related posts

ඊලෝන් මස්ක් ගෙන් රනිල්ට ක්ෂණික ප්‍රතිචාර

Editor O

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සැඟව සිටිනන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කරන්න සුදානම්

Mohamed Dilsad

සියලුම විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

Leave a Comment