Trending Newsදේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සැඟව සිටිනන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කරන්න සුදානම්

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට අදාළව නිරෝධායනය වීම සඳහා කැඳවීම් ලැබූ පුද්ගලයන්ට, ලබා දී තිබූ සහන කාලය ඊයේ(08) දිනයෙන් අවසන් විය.

පොලිසිය පැවසුවේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කරන සහ එම සේවකයන්ගේ ආශ්‍රිතයන් බොහෝ පිරිසක් මෙලෙස පැමිණ නොරෝධායන ක්‍රියාවලියට එක්ව ඇති බවයි.

නමුත් තව සුළු පිරිසක් මෙලෙස නොපැමිණීම නිසා රෝගය පැතිරීමේ අවධානමක්ද මතුව ඇත.

මේ නිසා අනෙක් දිස්ත්‍රික්කවල එවැනි ආශ්‍රිතයන් සිටී නම් ළඟම ඇති පොලිසියට පැමිණිය යුතු බව පොලිසිය දැනුම් දෙයි.

තවදුරටත් යම් අයෙකු ඉදිරිපත් නොවී සැඟව සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නිරෝධායන නිතිය අනුව කටයුතු කරන බවත් ඔවුන් සඟවාගෙන සිටින්නන්, ඊට අනුබල දෙන්නන්ට එරෙහිවද නීතිමය පියවර ගැනෙන අතර ඔවුන් භාවිත කළ වාහන පවා පොලිසිය භාරයට ගැනෙන බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Related posts

லோட்டஸ் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

“Defence Secretary was notified about NJT’s activitie”s – ACJU chairman

Mohamed Dilsad

மாகாண சபைத் தேர்தல் செப்டம்பர் 30ம் திகதிக்கு முன்னர்

Mohamed Dilsad

Leave a Comment