දේශීය

රන්ජන් රාමනායකව ඇප මත මුදා හැරේ [UPDATE]

(UTV | කොළඹ) – අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

——————————————————————————————————————–

රන්ජන්ගේ කටහඬ ලබා දුන් හඬපට සමඟ ගැලපෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හඬ පට සාම්පල් සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද (26) විවෘත අධිකරණයේදී දැනුම් දී තිබේ.

පසුගියදා මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඩපට ඇතුළත් සී.ඩී. පට 3ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණි.

 

Related posts

කාළගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 9ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වය

Mohamed Dilsad

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට නාමල්

Editor O

Leave a Comment