දේශීය

කොරියාවේ වෙසෙන ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය සීරුවෙන්

(UTV | කොළඹ) – කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැත.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර, උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රී ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතුවී නම් දවසේ පැය 24 තුළම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 03 ක් හඳුන්වා දී තිබේ.

0082-2-735-2966

0082-2-735-2967

0082-2-794-2968

මෙම අංකවලට දිනයේ ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රි ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳව සෘජුව තානාපති කාර්යාලයට දැනුම් දිය හැකිය.

Related posts

දයාසිරිගේ පැමිණිල්ලකට අදාළ නඩුවක් 31ට කල්යයි.

Editor O

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා – ළමුන් 70ක් ඇතුළු 300ක් නිරෝධායනයට

Mohamed Dilsad

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

Mohamed Dilsad

Leave a Comment