Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරිගේ පැමිණිල්ලකට අදාළ නඩුවක් 31ට කල්යයි.

(UTV | කොළඹ) –

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ අතුරු තහනම් නියෝග පිළිබඳ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (24) නියෝග  කළේය.

මෙම නඩුකරයට මැදිහත් වීමට තමන්ට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (23) අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබිණ.

මීට අදාළව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ, ඔවුන්ට මෙම නඩුකරය සඳහා මැදිහත්වීමට අයිතියක් තිබෙන බවයි. ඒ අනුව මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීමට දින ලබා දුන් දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන 31 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

Related posts

தலவாக்கலை நுவரெலிய பிரதான வீதியில் போக்குவரத்து பாதிப்பு

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் – 64 பேரினதும் விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

මහා බදු වංචාවක්….? විදුලි වාහන තොගයක් රේගු අත්අඩංගුවට

Editor O

Leave a Comment